විදුලි ගැටලු විසඳීමේ ජංගම සේවයක්
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන් අතරට ගොස් විදුලි ගැටළු සඳහා ක්ෂණික විසදුම් ලබාදිමේ ජංගම සේවයක් (28) දින හැටන් කොටගල යුනිෆිල්ඩ් වතුයායේදි සිදු කෙරිණ.
ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කමල් දයානන්ද සහ හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි ගැටළු පාමුලට යන මැයෙන් මෙම ජංගම සේවය අද දින දවස පුරා එම වතුයායේදි පවත්වනු ලැබුවා.
මෙම ජංගම සේවයට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සියළුම නිලධාරින් සහ සේවකයින් විදුලි ගැටළු විසදිම සදහා අවශ්‍ය සියළු උපකරණ එම වතුයායට රැගෙන ගොස් තිබු අතර , ජංගම සේවයේදි හැටන් කොටගල යුනිෆිල්ඩ් වතුයායේ විදුලි පාරිභෝගිකයන් විසින් ඉදිරිපත් කල විදුලි මනුවල දෝෂ , දිරාගිය විදුලි කණු මාරු කිරිම, විදුලි රැහන් වලට ගස් අතු වැදිම සහ ඇද වැටි ඇති විදුලි රැහන් යලිත් අලුත්වැඩියා කිරිම , නව විදුලි සම්බන්ධතා ලබාදිම ඇතුළු ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් එම ජංගම සේවය තුලින් විසදුම් ලබාදුන් අතර, එම විසදුම් වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබාදිමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පියවර ගත්තා.
මෙවැනි ජංගම සේවාවන් හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන සියළුම ප්‍රදේශවල ඉදිරි දිනවලදි පැවැත්විමට පියවර ගන්නා බවයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා කියා සිටියේ.
මෙම ජංගම සේවය එම වතුයායේ වතු අධිකාරි ලසිත ඩි සිල්වා මහතාගේ සහ එම වතුයායේ කාර්ය මණ්ඩලයේ සහයෝගය මතයි පවත්වනු ලැබුවේ.
The post විදුලි ගැටලු විසඳීමේ ජංගම සේවයක් appeared first on ITN News.