වැලි කැණීම්වලට සමූපාකාර ක්රමය යටතේ බලපත්ර ක්රමවේදයක්
වැලි කැණීම් කටයුතු විධිමත් කිරීම සඳහා වැලි නිධි පවතින ප්‍රදේශවල ජනතාවට සමූපාකාර ක්රමය යටතේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත් ප්‍රේම මේ බව කියා සිටියේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කැණීම් බලපත්‍ර හිමියන්ගේ සංගමය පැවැත්වූ විරෝධතාවයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.
The post වැලි කැණීම්වලට සමූපාකාර ක්රමය යටතේ බලපත්ර ක්රමවේදයක් appeared first on ITN News.