සුඩාන අර්බුදය ලෝකයටම නපුරු සිහිනයක්
සුඩාන අර්බුදය අඛණ්ඩව පැවතියහොත් ලෝකයටම නපුරු සිහිනයක් වනු ඇති බව සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා.
සුඩානයේ හිටපු අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හම්ඩොක් පවසන්නේ සුඩාන අර්බුදය අඛණ්ඩව පැවතියහොත් ලෝකයටම නපුරු සිහිනයක් වනු ඇති බවයි.
අද දිනය වනවිට සුඩානයේ ගැටුම් ආරම්භ වී දින 15ක් සපිරෙනවා.
සුඩාන හමුදාව සහ ආර්එෆ්එස් හමුදා කණ්ඩයේ බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 15වනදා සුඩානයේ ගැටුම් ආරම්භ වුණා.
යුද හමුදාපති ජෙනරල් අබ්දෙල් ෆටා අල්බුර්හාන් සහ ආර්එෆ්එස් බලකායේ ජනරාල් හම්දාන් ඩගාලෝ මෙම සුඩාන අර්බුදයට හේතුවූ හමුදා කණ්ඩ දෙකේ ප්‍රදානීන් වනවා.
මේ වනවිට ආහාර , ජලය සහ ඉන්ධන හිගයෙන් මිලියන ගණනක් ජනතාව අපහසුතාවට පත්ව තිබෙනවා. මේ වනවිට සුඩානයේ ගුවන් තොටුපල , වරායන් ඇතුළු සියලු ප්‍රධාන මර්මස්ථානවල කටයුතු අඩාල වී තිබෙනවා.
The post සුඩාන අර්බුදය ලෝකයටම නපුරු සිහිනයක් appeared first on ITN News.