දකුණු කොරියාවේ අපනයන ආදායම තවදුරටත් පහළට
දකුණු කොරියාවේ අපනයන ආදායම තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
අඛණ්ඩව 7වන මාසයටත් දකුණු කොරියාවේ අපනයන ආදායම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අඛණ්ඩව වැඩිම මාස ගණනක් එරට අපනයන ආදායම පහළ ගොස් ඇත්තේ වසර 3කට පසුවයි. දකුණු කොරියාව චීනයට සිදුකරන අපනයන පහළ යාම මීට හේතුවී තිබෙනවා.
එමෙන්ම චීනය කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් පසුව නැවත තම කර්මාන්ත ආරම්භ කිරීම ද අපනයන පහළ යාමට හේතුවී ඇති බව සදහන්.
The post දකුණු කොරියාවේ අපනයන ආදායම තවදුරටත් පහළට appeared first on ITN News.