පුද්ගලයන් 21 දෙනෙකු තාවකාලික පැවිදිභාවය ලබා ගනී
බුදු තෙමගුල සිහි කරමින් සහ වෙසක් සතිය මුල් කර ගනිමින් , පුද්ගලයන් 21 දෙනෙකු කටුනායක ඇවරිවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම විහාරථානයේ මේ වනවිට තාවකාලික පැවිදිභාවය ලබා ගෙන තිබෙනවා.
ඉකුත් 29 දින මෙසේ තාවකාලික පැවිදිභාවයට පිවිසි ඔවුන් මේ මස 13 දින තෙක් එම පැවිදිභාවයේ රැඳී සිටින බව, මෙම වැඩසටහනේ ප්‍රධාන සංවිධායක අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ කළා.
මෙසේ තාවකාලික පැවිදිභාවය ලත් පිරිස දිනපතා විහාර මලු ඇමදීම , පිණ්ඩපාත චාරිකා පැවැත්වීම , දානමය පුණ්‍යකර්ම , බුද්ධ වන්දනා , පිරිත් සූත්‍ර දේශනා , සක්මන් , සමථ විදර්ශනා , ආනාපානසති භාවනා වැඩසටහන් සහ විනය කර්ම පිළිබඳ ධර්ම සාකච්ඡා සඳහා සහභාගී වෙමින් සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.
The post පුද්ගලයන් 21 දෙනෙකු තාවකාලික පැවිදිභාවය ලබා ගනී appeared first on ITN News.