ලින්ක්ඩ්ඉන් සමාගම රැකියා කප්පාදුවක් නිවේදනය කරයි
ලින්ක්ඩ්ඉන් සමාගම රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා.
රැකියා කප්පාදුවක් නිවේදනය කළ නවතම සමාජ මාධ්‍ය මෙහෙයුම් සමාගම ලෙස ලින්ක්ඩ්ඉන් සමාගම හැදින්විය හැකියි. රැකියා කප්පාදුව යටතේ එම සමාගමෙන් 716 දෙනෙකුගේ රැකියා අහිමිවනු ඇති. සමාගමේ මෙහෙයුම් කටයුතු යාවත්කාලීන කිරීම සහ ආර්ථික අපහසුතා මගහරවා ගැනීමේ අරමුණෙන් මෙම රැකියා කප්පාදුව සිදුකරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නිවේදනය කරනවා.
පසුගිය මාස 6ක කාලය තුළදී මේ ආකාරයටම ඇමර්සන්, මයික්‍රෝ සොෆ්ට්, ගූගල් හා මෙටා ආදී ලොව දැවැන්ත තාක්ෂණික සමාගම් රැකියා කප්පාදු කිරීම් සිදුකළා.
The post ලින්ක්ඩ්ඉන් සමාගම රැකියා කප්පාදුවක් නිවේදනය කරයි appeared first on ITN News.