How can Sri Lankan charities find international donors and partners?

2023 වර්ෂයේ දෙවන උක් ඇඹරුම් වාරය ඇරඹෙයි – උක් ගොවීන්ට මහවැලි ඉඩම් අවසර පත්ර

- itnnews.lk

රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබන ,සේවක සුභ සාධනය සිදුකරන, මහජනතාවට පිහිට වෙන ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා – කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමති

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ පසුගියදා සෙවණගල සීනි සමාගමේදී පැවති 2023 වර්ෂයේ දෙවන උක් ඇඹරුම් වාරය ආරම්භ කිරීම සහ උක් ගොවීන්ට මහවැලි ඉඩම් අවසර පත්‍ර ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

” ලංකා සීනි සමාගම මොනරාලගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ හදවත.

දීර්ඝ කාලයක් තිස්සේ දුක් කම්කටොළු මැද උක් වගාව ඉතාම දුෂ්කර විදියට කරගෙන මේ පළාතේ ජිවත්වෙන ජනතාවට ආර්ථිකමය වශයෙන් යම් සහනයක් ලැබුනේ මෙම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමෙන් පසුවයි.

එය වඩාත් විදිමත් වන්නට පටන් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේවා රජයට පවරා ගැනීම සහ ඉන් පසු ඇති වුනු දියුණුවත් සමගයි.

එහි පරිවර්තනීය යුගයක් 2019 පසු නැවත ඇති වුණා.

ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙරට නිෂ්පාදනයට හැකිව තිබු භාණ්ඩ රාශියක් ආනයනය තහනම් කිරීමත් සමගයි.

එලෙස එතනෝල් ආනයනය තහනමත් සමග මෙම සීනි සමාගම විශාල ලෙස ලාභදායි වුණා.

එහි ප්‍රතිඵල තමුන්නාන්සේලාට මේ වෙනකොට ලැබිලා තිබෙනවා සහ ලැබෙමින් තිබෙනවා.

මේ ආයතන ලාභ ලබනවා නම් සේවක මහතුන්ට සහ ගොවි මහතුන්ට ලබා දිය හැකි උපරිම සහන ලබා දිය යුතු බව මිට පෙරද මා පාලන අධිකාරිය වෙත පැවසුවා.

මේ ගම් පළාත් වල සමාජ සුභ සාදන කටයුතු තිබෙනවා නම් එය උපරිමයෙන් ඉෂ්ඨ කළ යුතුය.

එවිට එහි ප්‍රතිඵල උක් වගාවටත් ලැබේවි.

අද උක් වගාවෙදි ගොවි මහතෙකුට මෙට්‍රික් ටොන් එකකට රුපියල් 10000ක් ලැබෙනවා.

එය පසු ගිය වසර තුනක කාලය තුළ දෙගුණ වෙලා තිබෙනවා. මේ ආයතනය දියුණුවෙලා ගිය වසරේ රු බිලියන 2.5 ක ලාභයක් ලබන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා.

රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට මෙම ආයතනය ලාභ ලබන සේවක සුභ සාධනය කරන මහජනතාවට පිහිට වෙන ආයතනයක් වෙලා තිබෙනවා.

එම ආයතන රැක ගැනීම අපේ යුතුකම ලෙස අප සලකනවා.

පසු ගිය දවස් වල ඇති වුනු ගැටළුකාරී තත්වයන් සමග මෙම ආයතන පුද්ගලීකරණය වේවි යන ලෙසින් මතුවූ සැක සංකා සමග අපට ඒ වෙනුවෙන් සටන් කරන්න සිදු වුණා.

අපේ ඒ ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් සාවධානව ඇහුම්කන් දුන්නා.

ඒ විතරක් නෙවෙයි එතුමාගේ පැත්තෙන් එතුමා පුළුවන් අයුරින් ඊට මැදිහත් වුණා.

රට වසර තුනක කොරෝනා වසංගතයෙන් සහ ආර්ථික අපගමනයෙන් පසු නැවත ඉදිරියට ගමන් කරන මොහොතක අප රටට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය.

ඒ අනුව අනාගතවාදීව මේ සම්පත් අප ආරක්ෂා කල යුතුය ”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විජිත බේරුගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , වැවිලි අමාත්‍යංශයේ නිළධාරින් , ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් ඇතුළු ආයතන ප්‍රධානීන් , රාජ්‍ය නිළධාරින් , උක්ගොවීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

The post 2023 වර්ෂයේ දෙවන උක් ඇඹරුම් වාරය ඇරඹෙයි – උක් ගොවීන්ට මහවැලි ඉඩම් අවසර පත්ර appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc