පරිගණක පද්ධතියේ දෝෂයක් – කොන්සියුලර් කටයුතු සීමා කෙරේ
කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එබැවින් අවශ්‍ය සේවා සඳහා අදාළ කාර්යාල අමතන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
The post පරිගණක පද්ධතියේ දෝෂයක් – කොන්සියුලර් කටයුතු සීමා කෙරේ appeared first on ITN News.