නොමේරු දරු උපත් වැඩිම ඉන්දියාවේ
නොමේරු දරු උපත් වැඩිම සංඛ්‍යාවක් සිදුවන රටවල් අතර ප්‍රමුඛස්ථානයට ඉන්දියාව පත්ව තිබෙනවා.
ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ .
නොමේරු දරු උපත් වැඩිම සංඛ්‍යාවක් සිදුවන රටවල් අතර පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර පාකිස්තානය ,නයිජිරියාව , චීනය හා ඉතියෝපියාව පිළිවෙලින් දෙවන තුන්වන හතරවන සහ පස්වන ස්ථානයන් හි පසුවනවා.
ලොවපුරා සිදුවන සෑම දරු උපත් 10කින් එකක් නොමේරු දරු උපතක් බවයි ජගත් සංවිධානය පවසන්නේ.
එලෙස සිදුවන සියලු නොමේරු දරු උපත් අතරින් 45%ක ප්‍රතිශතයක් වැඩිම නොමේරු දරු උපත් සිදුවන රටවල් 5ට අයත් වනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු කර කටයුතු කිරීම ඉතාම වැදගත් බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
2020 වසරේ දී ලොවපුරා නොමේරු දරු උපත් මිලියන 13.4ක් සිදුව ඇති අතර ආසාත්මිකතා හේතුවෙන් ඉන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.
එමෙන්ම ආසියා හා අප්‍රිකා කලාපයේ මාතෘ මරණ සංඛ්‍යාව ද ඉහළ මට්ටමක පවතින බවයි ජගත් සංවිධාන වාර්තාවේ සඳහන් වන්නේ.
The post නොමේරු දරු උපත් වැඩිම ඉන්දියාවේ appeared first on ITN News.