“ICC යට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන්න” – අමාත්ය රොෂාන් රණසිංහ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා සමඟ ඊයේ(11) පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරේදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැඳී සිටින අතර ඉදිරියේදී සියලු පාර්ශවයන් සමඟින් නිවැරදි සැළසුමක් සහිතව වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් කවාජා මහතා හට පැහැදිලි කර දී තිබෙනවා.
එම සාකච්ඡාව අතරතුරේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ උපරිම සහයෝගය ලබා දෙන බවත් ජයග්‍රාහණවලින් සපිරි දුෂණ වංචාවලින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් ස්ථාපිත කිරීම තමාගේ සැලසුම බවයි.
මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමණාකරු අම්මාර් ෂෙයික්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ. මුතුමාල, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි යන මහත්වරුන් එක්ව සිටියා.
The post “ICC යට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන්න” – අමාත්ය රොෂාන් රණසිංහ appeared first on ITN News.