ජාත්යන්තර හෙද දිනය අදයි
ලොව පුරා හෙද සේවයේ නිරත සියලු දෙනාගේ සේවය ඇගයෙන ජාත්‍යන්තර හෙද දිනය අදට යෙදී තිබෙනවා.
හෙද දිනය සමරමින් උත්සව කිහිපයක්ම සංවිධාන කරතිබුණා.
හෙද සේවයේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන ෆ්ලොරෙන්ස් නයිටින්ගේල්ගේ ජන්ම දිනය මුල්කර ගනිමින් සෑම වසරකම මැයි මස 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය සැමරෙනවා. අපේ හෙදියන් අපේ අනාගතයයි යන්න මෙවර හෙද දිනයේ තේමාවයි. පනස් දහසකට ආසන්න හෙද හෙදියන් පිරිසක් මෙරට රෝහල්තුල සේවය කරන බව සදහන් වනවා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධාන කළ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අරලියගහ මන්දිරියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුව් ආනන්ද ස්වාමීන්වහන්සේ සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් අග්‍රාමාත්‍යවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිරිනැමුණා.
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ද පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේප්‍රධානත්වයෙන් එම සංගමයයි එය සංවිධාන කළේ. හෙද දිනය වෙනුවෙන් පැවති රචනා තරගයේ ජයග්‍රාහකයන්ට සහතික ප්‍රදානය ද මෙහිදී සිදු වුණා.මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
The post ජාත්යන්තර හෙද දිනය අදයි appeared first on ITN News.