ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීමාවන් ඉක්මවා යනු ඇති බවට විද්යාඥයින් අනතුරු අඟවයි
ඉදිරි වසර කිහිපය තුළ ප්‍රථම වරට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීමාවන් ඉක්මවා යනු ඇති බවට විද්යාඥයින් අනතුරු අඟවනවා.
ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ සීමාව සෙල්සියස් අංශක 1.5ක අගයේ තබාගත යුතු බවටයි ලොව සියලු රටවල් එකඟතාවය පළ කර ඇත්තේ.
කෙසේ වුවද එම සීමාව ඉක්මවා යාමේ 66%ක පමණ ප්‍රවණතාවයක් පවතින බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
2027 වසර වන විට බොහෝවිට එය සිදුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ගෝලීය කාලගුණ රටාව වෙනස්වීම ඊට බලපා තිබෙනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අගය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවා යාම හරහා ඉදිරි දශක කිහිපය තුළ දී දැඩි බලපෑම් එල්ල කිරිමට සමත්වනු ඇති බවටයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.
දීර්ඝ කාලයක් පවතින තාප තරංග , අධික වර්ෂාපතනය , සුළි කුණාටු හා ලැව් ගිනි ඇති වීම ඒ සමගම ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.
The post ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීමාවන් ඉක්මවා යනු ඇති බවට විද්යාඥයින් අනතුරු අඟවයි appeared first on ITN News.