ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනයේ ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක අමාත්යවරයා එක් වෙයි
දකුණු චීනයේ පවත්වන ප්‍රධානම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය වන “ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය” පසුගියදා ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට ග්වැංෂූ නගරාධිපතිවරිය ද සහභාගි වූවා ය.
ගෝලීය වසංගත තත්ත්වයට පෙර ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික සංචාරකයන් අතුරින් තෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි නගරය ලෙස ග්වැංෂූ සඳහන් වේ.
මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතරතුර චීනයේ ප්‍රධානම ගුවන් සමාගමක් වන චීන සදන් ගුවන් සමාගම සමඟ සිදු කළ සාකච්ඡාවේ සාර්ථකත්වය මත ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ නවතා දමා තිබෙන සතියට සිව් වතාවක් ක්‍රියාත්මක වු සෘජු ගුවන් ගමන් සේවය එලඹෙන ජුලි, අගෝස්තු මාසවල දී නැවත ආරම්භ කිරීමටත් එම සමාගමේ උප සභාපතිවරයා පොරොන්දු වී තිබේ.
එමෙන්ම චීනයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන චයිනා සෙන්ට්‍රල් රූපවාහිනී නාලිකාව (CC TV) සමඟ සම්මුඛ සාකච්ඡාවට ද එක් වූ අමාත්‍යවරයා චීනයේ මුද්‍රිත හා ව්ද්‍යුත් මාධ්‍ය ගණනාවකටම සාකච්ඡා ලබා දී ඇත.
මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක කර්මාන්තයේ නියැලෙන ආයතන 20ක පමණ ප්‍රමාණණයක් සහභාගි වු අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සම්පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ අතර ගෝලීය වසංගත තත්වයෙන් පසු සංචාරක අමාත්‍යවරයෙකු චීනයේ සංචාරය කල පළමු අවස්ථාව ද මෙයයි.
මෙම ප්‍රදර්ශනය තව දින කිහිපයක් පැවැත්වීමට නියමිත අතර එහිදී ද සාකච්ඡා, හමුවීම් ඇතුළු වැඩසටහන් ගණනාවක් සිදුකිරීමට නියමිතයි .
The post ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනයේ ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක අමාත්යවරයා එක් වෙයි appeared first on ITN News.