EPF , ETF ගෙවන ආයතන 80,000කට අඩුයි
සේවක සුබසාදනය වෙනුවෙන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර මුදල් ගෙවීම සිදුකරන්නේ ආයතන අසූදහසකට අඩු ප්‍රමාණයක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
රටේ ඕනෑම ආයතනයක එක් පුද්ගලයෙකු වෙනුවෙන් හෝ එම මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
ශ්‍රම වාසනා අරමුදලේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
දැයේ දරුවන් නැණ නුවනින් පෝෂණය කර බුද්ධිමත් ශ්‍රම බලකායක් බිහි කිරීම වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මකයි.
The post EPF , ETF ගෙවන ආයතන 80,000කට අඩුයි appeared first on ITN News.