සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට
සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
ඒ තුළින් කිසිදු මාධ්‍යයක් වාරණයට ලක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
15 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා.
ඒ බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදීයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හේවත් ශ්‍රී ලංකා සර්ට් එය සංවිධාන කළා.
තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.
සංසදයේ සභාපති රොහාන් මුත්තයියා මහතා රාජ්‍ය අමාත්‍යවරයා වෙත එය පිළිගැන්වූවා.
සයිබර් ආරක්ෂන සතිය වෙනුවෙන් සංවිධාන කළ හැකිං චැලේන්ජ් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා.
The post සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට appeared first on ITN News.