මහවැලි අධිකාරියේ වත්මන් කාර්ය සාධනය කෝප් කමිටුව ඇගයීමට ලක් කරයි
මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය පළ කළා.
‘පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම’ අධිකාරියේ දැක්මට අනුව මූලික අරමුණක් ලෙස සඳහන්ව තිබුණද එය ඉටු නොවීම පිළිබඳව කමිටු සභාපතිවරයා කමිටුව ආරම්භයේදීම සිය අප්‍රසාදය පළ කළා.
ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා.
එසේම අධිකාරිය විසින් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව වැඩිදුරටත් විමසා සිටි අතර එය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දුන්නා.
ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලෙස කාරක සභාව අධිකාරියට නියෝග කළා.
- දැනට පවතින ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
- ආයෝජන අරමුණු සඳහා ඉදිරිපත් කරන ලද ඉඩම්වල ආයෝජකයාගේ විස්තර, ආයෝජනයේ අරමුණ, අනුගමනය කළ ක්‍රියා පිටිපාටිය යනාදිය ඇතුළත්ව සම්පූර්ණ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
- අධිකාරියට අයත් ඉඩම් වපසරියන් තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාස 01ක් ඇතුළත ඉදිරිපත් කිරීම.
මහවැලි අධිකාරියේ 2022 වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ විගණකාධිපති කාර්යාලය විසින් නිරීක්ෂණය කළ දත්ත අතර නොගැලපීම හේතුවෙන් එම වසරට අදාළව නිකුත් කරන ලද සියලුම ඉඩම් පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දුන්නා.
එ් එම ඉඩම් නිකුත් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද නියෝගයක් ලබා දී ඇති පසුබිමකයි.
අධිකාරියේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර දැනට සිටින අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයක් පවතින බව මෙහිදී නිරීක්ෂණය වුණා.
ඒ අනුව එම පුරප්පාඩු ඉදිරි දින 60 තුළ වහාම පිරවීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, එරාන් වික්‍රමරත්න, ජයන්ත සමරවීර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් දොලවත්ත, එම් රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ, මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මහවැලි අධිකාරියේ වත්මන් කාර්ය සාධනය කෝප් කමිටුව ඇගයීමට ලක් කරයි appeared first on ITN News.