ජ්යේෂ්ඨ මාධ්යවේදි රත්නා පුෂ්ප කුමාරි මහත්මියනි , ඔබට සුබ ගමන්
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියකවන රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අද (28) අභාවප්‍රාප්තවී තිබෙනවා.
කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය 80 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසද කටයුතු කර තිබෙනවා
මිය යන විට ඇය පිළිකා රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වුණේ
වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් අතරට ගොස් වැඩමුළු පැවැත්වීම මගින්ද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා ලේඛනය හරහාද ශ්‍රි ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන ලද ප්‍රශංසාත්මක සේවය අගය කරමින් ලෝක සාමය හා උපාය මාර්ග පිළිබඳ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය මගින් රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වෙත විශිෂ්ටතම කාන්තා සම්මානය ද පිරිනැමුණා.
ඉන්පසුව ජර්මානු සංස්කෘතික ආයතනය මගින් පැවැත්වුණු නාට්‍ය පාඨමාලාවක් ද ඇය හැදෑරූ අතර ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි අද්‍යතන ප්‍රවීණයන් එකල එහි ඇගේ සමකාලීන ශිෂ්‍යයන් .
1979 වසරේ ළමා නාට්‍යයක් නිෂ්පාදනය කරමින් ප්‍රකට වේදිකාවට අවතීර්ණ වන ඇය 1982 වසරේ ගුවන්විදුලි සංස්ථාවට එක්වනුයේ සහාය වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසින්.
පසුව 1985 වන විට එහිම සහන නිවේදිකාවක් වූ ඇය පසුව 1988 වන විට ජාතික රූපවාහිනියට ද තේරී පත්වූ අතර වසර ගණනාවක් වැඩසටහන් හා ප්‍රවෘත්ති ඉදිරිපත් කළා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සේම ස්වාධීන රූපවාහිනී සේවයේ යන ආයතන තුනෙහිම සමකාලයක ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ඇය සේවය කල අතර ළමා වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් එම නාට්‍ය ඔස්සේ අන්තර්ජාතික තරඟාවලි හා උත්සව රැසක් නියෝජනය කොට සම්මානිත භූමිකාවක් හෙබ වූ ඇය ලෝක නාට්‍ය ආයතනයේ නාට්‍යවේදින්ගේ සංගමයේ උප සභාපතිනිය ලෙස ද විදෙස් ඡන්දයෙන් පත්වූයේ ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික කොන්ග්‍රසයේදීයි.
පුවත්පත් ලිපි පන්දහසක් පමණ ලියා ඇති ඇය මනෝ විද්‍යාව, පෞරුෂ සංවර්ධනය, නාට්‍යවේදය සහ නිවේදන කලාව වැනි විෂය ගණනාවකට සබැඳි කෘති 18ක් පමණ ද රචනා කොට තිබෙනවා.
ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ වසර 25 ක් අධ්‍යක්ෂිකා ලෙසද කටයුතු කරමින් විවිධ ඇගේ විෂය ක්ශේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත සිසු නියැදියක් මේ වන විටත් දැයට දායාද කළ ඇය සුබ TV නමින් ඇගේම Youtube නාලිකාවක් ද පවත්වාගෙන යනු ලැබුවා
ඇයගේ දේහය හෙට(29) උදෑසන 10.00 සිට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ආයතනයේත් , අඟහරුවාදා(30) පෙරවරු 8.00ට දේහය ජයරත්න respect ශාලාව වෙතද ගෙන ඒමට නියමිතයි
අවසන් කටයුතු බදාදා සවස සිදු කෙරේ.
The post ජ්යේෂ්ඨ මාධ්යවේදි රත්නා පුෂ්ප කුමාරි මහත්මියනි , ඔබට සුබ ගමන් appeared first on ITN News.