නීතිය නොතකමින් මාළු ඇල්ලූ 9ක් අත්අඩංගුවට
වෙත්තලයිකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වෙත්තලයිකේනි / චුන්ඩිකුලම් / චලෙයි සහ නාගර්කොවිල් යන ප්‍ර දේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල ද නාවික හමුදාව සිය මෙහෙයුම් සිදුකළා.
එහිදී නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 9 දෙනෙකු ඩිංගි යාත්‍රා 5ක් සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18ත් 52ත් අතර වයසේ පසුවන මුල්ලියාන් / පුදුමාතලන් / මුලතිව් / වෙල්ලමුල්ලිවයික්කාල් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා.
The post නීතිය නොතකමින් මාළු ඇල්ලූ 9ක් අත්අඩංගුවට appeared first on ITN News.