පූජ්ය කිරිබත්කුඹුරේ සීවලී ස්වාමීන් වහන්සේ අපවත් වෙති
පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී ස්වාමීන් වහන්සේ අපවත් වුණා.
සියම් නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දෙනුවර පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ ලෙස උන්වහන්සේ ශාසනික ආගමික සේවාවන් රැසක් ඉටුකළා. අපවත් වී වදාළ පූජ්‍ය කිරිබත් කුඹුරේ සීවලී ස්වාමීන් වහන්සේගේ දේහය කිරිබත් කුඹුර පලදාව පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
ආදාහන පූජෝත්සවයේ ආගමික කටයුතු හෙට පස්වරු 2ට කිරිබත් කුඹුර පලදාව පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරෙනවා. අදාහන කටයුතු සිදු කෙරෙන්නේ හෙට පස්වරු 6ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදීයි.
The post පූජ්ය කිරිබත්කුඹුරේ සීවලී ස්වාමීන් වහන්සේ අපවත් වෙති appeared first on ITN News.