හොරාට පස් ප්රවාහනය කළ 3ක් අත්අඩංගුවට
රක්වාන, දර්ශනගම ප්‍රදේශයේ ඊයේ (03) සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැති ටිපර් රථ තුනකින් පස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී පස් පුරවන ලද ලොරි රථ 03ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30, 42 හා 52 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.
The post හොරාට පස් ප්රවාහනය කළ 3ක් අත්අඩංගුවට appeared first on ITN News.