ප්රහසන වැඩසටහනකදී චීන ජනාධිපතිවරයා සහ චීන විමුක්ති හමුදාවට අපහාස කළ තරුණයෙකු අත්අඩංගුවට
චීන ජනාධිපතිවරයා සහ චීන විමුක්ති හමුදාවට ප්‍රහසන වැඩසටහනකදී අපහාස කළ බවට චෝදනා එල්ල වූ තරුණයෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විමර්ශනවලට අනුව ඔහු වරදකරු වුවහොත් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳීමට ඔහුට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් චීන යුද සෙබළුන් දිරිගැන්වීමට භාවිත කරන ප්‍රකාශ මෙම පුද්ගලයා විසින් හාස්‍ය ආකාරය හාස්‍යයට
ලක් කිරීම මත මෙම චීන තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ලී හඕෂී නමැති එම තරුණයා හාස්‍යජනක ප්‍රකාශය සිදුකර තිබුණේ STANDUP COMEDY වර්ගයේ ප්‍රහසන වැඩසටහනකදීයී.
ඔහු ඇතුළු ප්‍රහසන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩයක්ද නියම කෙරුණු අතර ‘හවුස් ‘ නමින් ඉදිරිපත් කරන එම වැඩසටහන් සියල්ල තහනම් කිරීමටද ජනාධිපති ෂී ජින්පින් නියෝග කර තිබෙනවා.
The post ප්රහසන වැඩසටහනකදී චීන ජනාධිපතිවරයා සහ චීන විමුක්ති හමුදාවට අපහාස කළ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.