පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු 8 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් නාගචෝල රක්ෂිතයේ පුරාවස්තු සොයමින් සිටි 8 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මුලතිව් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. එහිදීයි යුද හමුදා කෝප්‍රල් වරයෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ. නාගචෝල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන ස්ථාන කැනීම් කරමින් සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.