මත්පෙති ජාවාරමේ යෙදුන කාන්තාවක් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩි.පි.යු. කොඩිකුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ 06 වන දින තෙලිප්පලේ පොලිස් වසමේ කෝනපුලමි කදවුර, මල්ලාකමි ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී නීති විරෝධී Pregalin වර්ගයේ මත්පෙති 31ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මල්ලාකමි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක කාන්තාවක් අත්අඩංගුවට තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකකාරියව තෙලිප්පලේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post මත්පෙති ජාවාරමේ යෙදුන කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.