ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්රය මුදවා ගැනීම පිළිබඳ සාකච්ඡාවක්

- itnnews.lk

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට අවශ්‍ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා වුණා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 24 වැනි දා රැස්වූ අවස්ථාවේදීය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සුළු, මධ්‍ය සහ මහා පරිමාණ ඉදිකිරීම් ආයතන නියෝජනය කරන සංගම් වල නියෝජිතයන්, වාස්තු විද්‍යා සංගම්, විවිධ ඉංජිනේරු සංගම්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (CIDA) අධිකාරිය, ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ වානිජ මණ්ඩලය ඇතුළු සංවිධාන රාශියක නියෝජිතයන් සහභාගී විය.

දළ ජාතික නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයන් ලබා දෙමින් සේවා අංශයේ ඉහළම වර්ධනය පෙන්වූ මෙම අංශයේ බිඳ වැටීම තුළ රැකියා ලක්‍ෂ 10ක් අහිමිවීම, ආයතන කඩා වැටීම, වත්කම් විනාශ වීම, වෘත්තිකයන් රට හැර යාම යන ගැටලු ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට පුහුණු අවස්ථා සඳහා ආයතන නොමැති වීම වැනි ගැටලු ද ඇති වී ඇති බව මෙහිදී හඳුනාගන්නා ලදී.

එම ගැටලු සඳහා විසඳුම් යෝජනා ද දිගින් දිගටම සාකච්ඡා වූ අතර ගැටලු 50කින් සමන්විත ලේඛනයක් සහභාගී වූ පාර්ශවකරුවන් විසින් කමිටුව වෙත ඉදිරිපත් කිරීමද එදින සිදු විය.

ඒ අනුව පවතින ගැටලු, කෙටි, මධ්‍යම, දිගුකාලීන වශයෙන් ද, විසඳීමට මැදිහත් විය යුතු ආයතන වශයෙන් ද වර්ගීකරණය කර, මූලික ක්ෂේත්‍ර 10කට සීමා වන පරිදි සාරාංශ කර සති 2ක් තුළ ඉදිරිපත් කිරීමටත්, ඉන් පසු ඒ ඒ වගකිවයුතු ආයතන සමඟ මුහුණට මුහුණ මුණගැසී විසඳුම් තීරණ ගැනීමටත් මෙහිදී තීරණය විය.

එසේම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල වහාම පහත හෙළීම පිළිබඳව සහ වෙළඳ, වාණිජ අමාත්‍යාංශය මැදිහත්ව ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට එම අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීමට තීරණය වූ අතර ඊළඟ රැස්වීමට පෙර හඳුනාගන්නා ලද ප්‍රමුඛතා අනුව රාජ්‍ය ආයතන හා කර්මාන්ත නියෝජිතයන් ගෙන්වීමටත් තීරණය කරන ලදී.

The post ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්රය මුදවා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.

You may also like

- island.lk

Labour and Foreign Employment Minister Manusha Nanayakkara announced that the Cabinet has approved a proposal to provide social security benefits to all workers aged 55 and above across various industries. This initiative includes the preparation of necessary legal provisions, which will be developed alongside the “Garusaru” program. Addressing the press briefing titled “Collective Path to […...

- colombotelegraph.com

[…]The post NATO Expansion: The Untold Agreement & Its Role In The Ukraine War appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Celebrating Menstrual Hygiene Day: Reproductive Rights & The Fight Against Period Poverty appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post “Maximizing NFL Betting Success: Your Strategic Game Plan for Crushing the Vegas NFL Odds” appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Elevate Your NBA Betting Game: Tech Trends and Smart Strategies Unveiled” appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post “Mastering MLB Picks Today: Lifestyle Choices for Responsible Betting” appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc