නාකොටික් අත්අඩංගුවේ දී සැකකරුවෙකු මියයාම:වින්දිතයාට යුක්තිය ඉටුවෙයිද?
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජනවාරි 11 වන දින සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ තුවාල, තැලීම් සහ හානි 49ක් ඇති බවයි. මරණයට හේතු ලෙස සඳහන් ව ඇත්තේ මොට ආයුධවලින් පහරදීමෙන් ඇති වූ හිස පිටුපස තුවාලය ඇතුළු අනෙකුත් හානි ය.