වසර දෙකකට පසු ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය පහළට
වසර දෙකකට පසු පළමුවරට පසුගිය මාසයේ දී ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය පහළ ගොස් තිබෙනවා.
ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 4.7ක් ලෙස වාර්තා වූ අතර පසුගිය මාසයේ දී එය සියයට 4.25 දක්වා අඩු අගයකට පැමිණ තිබුණා. ආහාර හා ඉන්ධන මිල පහළ යාම මෙලෙස සිල්ලර වෙළදපල උද්ධමනය අවමවීමට ප්‍රධාන හේතුව බවයි ඉන්දීය මහ බැංකුව නිවේදනය කරන්නේ. අප්‍රේල් මාසයේදී එරට ආහාර උද්ධමනය සියයට 3.84ක් ලෙස දැක්වුණු අතර මැයි මාසයේදී එය සියයට 2.91 දක්වා පහළ ගොස් තිබෙනවා. ඉන්ධන උද්ධමනය ද අප්‍රේල් මාසයේ දී සියයට 5.52ක් වූ අතර මැයි මාසයේදී සියයට 4.64දක්වා පහළ ගොස් ඇති බවයි ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ. එමෙන්ම එරට මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව සියයට 6.5 පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.
The post වසර දෙකකට පසු ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය පහළට appeared first on ITN News.