උණුසුම උදුරාගත් ජීවිත
උතුරු ඉන්දියාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව සියයකට ආසන්න වනවා.
පසුගිය සති අන්තයේ දී උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ලවුණා.
උත්තර් ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රාන්තයන්ගෙන් මරණ 98ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා කාලය තුළදී සිදුව ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 5ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ත් 44ත් අතර අගයක පැවති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
කෙසේ වුවද නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තා වූ අතර එය සටහන් වූයේ සෙල්සියස් අංශක 45.4ක් ලෙසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ළමුන් / වයස්ගත හා රෝගාබාධ සහිත පුද්ගලයින් නිවෙස් තුළට වී කාලය ගතකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
The post උණුසුම උදුරාගත් ජීවිත appeared first on ITN News.