How can Sri Lankan charities find international donors and partners?

චීන ජනපති සහ ඇමරිකානු රාජ්ය ලේකම්වරයා අතර හමුවක්

- itnnews.lk

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමු වී තිබෙනවා.

ඒ අද(19) පස්වරුවේ චීනයේ බෙයිජිං නගරයේ මහජන මහ ශාලාවේදී යි.

චීන පුරවැසියන් ඇමරිකානු පුරවැසියන් සේම, ආත්ම අභිමානයෙන්, ආත්ම විශ්වාසයෙන් හා ස්වශක්තියෙන් යුත් පුරවැසියන් බවත් සුන්දර ජීවිතය ගත කිරීමේ අයිතිය ද දෙරටේම ජනතාවටම හිමි බවත් චීන ජනාධිපතිවරයා එම හමුවේදී කියා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු පහතින්

“දෙරට අතර පවත්නා පොදු අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. දෙපාර්ශ්වයේම සෑම ජයග්‍රහණයක්ම, එකිනෙකාට අවස්ථාවක් මිස තර්ජනයක් නොවේ. ඉතිහාසයට, ජනතාවට හා සමස්ත ලෝකයට වගකියන ආකල්පයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාවය මනා ලෙස පාලනය කරමින් වෙනස් වෙමින් ඉදිරියට යන ලෝකයට ස්ථාවරත්වය, නිශ්චිතභාවය සහ නිර්මාණශීලී සංවර්ධනය මුසු කිරීමට දෙරටම වෑයම් කළ යුතුය.

ඇමරිකාවේ අවශ්‍යතාවන්ට ගරු කරන චීනය, එරටට අභියෝග කිරීමට හෝ යම් ආකාරයක ‍ආදේශ කිරීම් සිදු කිරීමට කිසිවිටක උත්සාහ නොකරයි. එලෙස ඇමරිකාව ද චීනයට ගරු කළ යුතු අතර චීනයේ සාධාරණ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට හානි නොකළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පැවසීය.

ඇමරිකා-චීන ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය මනාව පාලනය කිරීම දෙරටේම වගකීමක් බවත්, එය සිය රටේත් චීනයේ මෙන්ම සමස්ත ලෝකයේත් අවශ්‍යතාවයන්ට ගැලපෙන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ යැයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී පැවසීය.

‘නව සීතල යුද්ධයක්’ නිර්මාණය නොකිරීම, චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකිරීම, සන්ධානගත සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමෙන් චීනයට ‍එරෙහිවීමට ප්‍රයත්න නොදැරීම, තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට අනුබල නොදීම සහ චීනය සමග කිසිදු ගැටුමක් ඇති කර ගැනීමට අපේක්ෂා නොකිරීම යන  බයිඩන් ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු සිය පාර්ශ්වය අනුගමනය කරනු ඇත. චීනය සමග උසස් පෙළේ සම්බන්ධතා පවත්වමින්, වගකීමෙන් යුතුව මතභේද පාලනය කරමින් සංවාද හා සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

The post චීන ජනපති සහ ඇමරිකානු රාජ්ය ලේකම්වරයා අතර හමුවක් appeared first on ITN News.

You may also like

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe directed relevant officials to ensure the completion of infrastructure development in the Bingiriya Industrial Zone by the end of the year 2024.The post President sets deadline for Bingiriya industrial zone development appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Secretary-General of the Parliament of Sri Lanka has informed the Election Commission that a parliamentary seat in the Ninth Parliament became vacant on May 8, 2024, due to the cancellation of Member of Parliament Diana Gamage's seat.The post Sri Lanka’s Election Commission informed of vacant MP seat in Parliament appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri ...

- adaderana.lk

The Colombo Magistrate s Court has issued an overseas travel ban on former State Minister Diana Gamage today (09).

- adaderana.lk

Minister of Labor and Foreign Employment Manusha Nanayakkara has urged the general public not to seek military employment opportunities in foreign countries.

- adaderana.lk

The trade unions affiliated with the Health Trade Union Alliance have decided to launch a 4-hour token strike in the hospitals at the provincial level from today (09) due to unmet demands.

- island.lk

President Ranil Wickremesinghe directed relevant officials to ensure the completion of infrastructure development in the Bingiriya Industrial Zone by the end of this year. These instructions were given during a discussion held at the Presidential Secretariat on Wednesday (08) to review the progress of developments in the area. The construction of the Bingiriya Industrial Zone […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc