ජාතික කර්මාන්ත ප්රදර්ශනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ රථ වාහන පෙලපාලිය පස්වරුවේ
2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හෙට සිට ලබන 25 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.
එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මීට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ රථ වාහන පෙලපාලියක් අද පස්වරුවේ පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
අද පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන මෙම රථවාහන පෙලපාලිය ගාලු මුවදොරින් ආරම්භ වී කොළඹ කොටුව, මරදාන,බොරැල්ල හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් අවසන් වනවා.
මෙම පෙලපාලිය අද පස්වරු 5.00ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.
The post ජාතික කර්මාන්ත ප්රදර්ශනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ රථ වාහන පෙලපාලිය පස්වරුවේ appeared first on ITN News.