මැයි මාසයේ මෙරට උද්ධමනය පහත වැටෙයි
මැයි මාසයේ මෙරට උද්ධමනය සියයට 22 යි දශම 1 ක් දක්වා පහත වැටී තිබෙනවා.
අප්‍රේල් මාසයයේදී සියයට 27 යි දශම 1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 15 යි දශම 8 ක් දක්වා පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයයේදී මෙරට උද්ධමනය සියයට 33 යි දශම 6 ක් ලෙස පැවති බවයි.
අප්‍රේල් මාසයේදී සියයට 39 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 27 යි දශම 6 ක් ලෙස පහත වැටී තිබෙනවා.
The post මැයි මාසයේ මෙරට උද්ධමනය පහත වැටෙයි appeared first on ITN News.