මාර්ග අංක 174 සහ 255 පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්
මාර්ග අංක 174 සහ 255 පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්.
අද උදෑසන සිට මෙම වර්ජනය අවසන් කළ බවයි පෞද්ගලික බස් හිමියන් පවසන්නේ.
දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙම බස් වර්ජනය හේතුවෙන් මගී ජනතාව මෙන්ම පාසල් දරුවන් ද දැඩි දුෂ්කරතාවට පත්වුණා.
ගැටලුවට හේතු වූ සුඛෝපභෝගී නව බස් රථය ඊයේ දිනයේ ධාවනය කෙරුණා.
කෙසේ වෙතත් අද දිනයේදී බස් රථ වර්ජනය අවසන් කිරීමට තීරණය කෙරුණා.
මේ අනුව 174 සහ 255 මාර්ගනවල බස් රථ මේ වන විට ධාවනය කෙරෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
The post මාර්ග අංක 174 සහ 255 පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් appeared first on ITN News.