ඉරනවිල වෙරළ ඛාදනය උග්ර වෙයි
හලාවත ඉරනවිල ප්‍රදේශයේ වෙරළ ඛාදනය ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය ද පසුගිය වකවානුවේ ඊට බලපෑ බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.
හලාවත ඉරනවිල වෙරළ තීරයේ හටගෙන ඇති ඛාදනය හේතුවෙන් හලාවත සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදු මාර්ගයට ද හානි සිදුව තිබෙනවා. ඉරණවිල පාලම අසළ සිට උතුරු දෙසට කිලෝමීටර එකහමාරක් පමණ ප්‍රදේශය බරපතල ලෙස ඛාදනයට ලක්ව ඇති අතර ස්ථීර නිවාස තුනක්ද මේ වන විට විනාශ වී තිබෙනවා.
ධීවර තොටුපොලවලට ද හානි සිදුව ඇති බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ. මේ කෙරෙහි වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් තමන් දැඩි අසීරුතාවන්ට මුහුණ දී සිටින බවත් වෙරළ තීරය ආශ්‍රිත පදිංචිකරුවන් පවසනවා.
The post ඉරනවිල වෙරළ ඛාදනය උග්ර වෙයි appeared first on ITN News.