කාපට් තැලීමේ යන්ත්රයක් සොරාගත් සැකකරුවන් සොයා පොලීසියෙන් මෙහෙයුමක්
නාවලපිටිය ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තකට පෞද්ගලිකක ආයතනයක් විසින් ගෙනවිත් තිබු කාපට් තලන යන්ත්‍රය ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රු ලක්ෂ 130 ක් පමණ වටිනා මෙම කාපට් තලන යන්ත්‍රය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ව්‍යාජ ලියකියවිලි සකස් කර එම යන්ත්‍රයේ චැසි අංකයද වෙනස් කර හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට මේ වසරේ අප්‍රේල් මස (25) දින අලෙවි කර තිබියදීයි නාවලපිටිය පොලීසිය විසින් එම යන්ත්‍රය සොයාගෙන තිබෙන්නේ.
නාවලපිටිය බව්වාගම සමනලගම ප්‍රදේශයේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්තකට එම යන්ත්‍රය කොන්ත්‍රාත්කරු විසින් රැගෙනවිත් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරමින් තිබු අවස්තාවේ එම සංවර්ධන කටයුත්ත තාවකාලිකව නතර කිරීම නිසා එම යන්ත්‍රය එම මාර්ගය අභියස ගාල් කර තිබියදී සැකකරුවන් දෙදෙනා ව්‍යාජ ලියකියවිලි සකස් කර ප්‍රදේශවාසින්ට මුල්‍ය සමාගමකින් බව පවසා යන්ත්‍රය ලොරි රථයක නංවාගෙන රැගෙන ගොස් අලෙවි කර තිබෙනවා.
එම යන්ත්‍රය සංවර්ධන කටයුත්ත සදහා රැගෙන පැමිණි කොන්ත්‍රාත්කරු විසින් එම යන්ත්‍රය යලිත් රැගෙන යාමට ඉකුත් සතියේ නාවලපිටියට පැමිණි අවස්තාවේ යන්ත්‍රය ගාල් කර තිබු ස්ථානයේ යන්ත්‍රය නොතිබුණු නිසා සිද්ධිය සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරු විසින් නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර,
එම පැමිණිල්ල අනුව විමර්ෂණ ආරම්භ කර නාවලපිටිය පොලීසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ සිදු කර හොරණ ප්‍රදේශයට අලෙවි කර තිබු කාපට් තලන යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.
එම යන්ත්‍රය අලෙවි කල සැකකරුවන් දෙදෙනා මේ වන විට නාවලපිටිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවත් නාවලපිටිය පොලීසිය පවසනවා.
The post කාපට් තැලීමේ යන්ත්රයක් සොරාගත් සැකකරුවන් සොයා පොලීසියෙන් මෙහෙයුමක් appeared first on ITN News.