උපාධිධාරී ව්යවසායක උදානය රුහුණු සරසවියේදී ඉතා සාර්ථකව පැවැත්වෙයි
දිවයින පුරා විශ්වවිද්‍යාලයන්හි උපාධිදාරී ව්‍යවසායක උදානය ව්‍යපෘතිය දියත් කෙරුණා. දේශීය උගත් තරුණ ව්‍යවසායක පෙළක් ජාතියට තිළිණ කිරීම සදහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.
එමගින් හුදෙක් රැකියා සොයන්නන් වෙනුවට රැකියා තනන නායකයින් බිහි කිරීම අරමුණ වී තිබෙනවා.
“ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයත් හා අත්වැල් බැඳගනිමින් “උපාධිදාරී ව්‍යවසායක උදානය ව්‍යපෘතිය – 2023″හි වැඩමුළුව රුහුණු සරසවියේදී ඉතා සාර්ථකව නිමාවට පත් වුණා.
මෙම වැඩසටහන සදහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ලසන්ත කාරියප්පෙරුම මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය ඊ. පී. එස්. චන්දන මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබුණා.
මේ සදහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ජයශාන්ත චන්ද්‍රසේන මහතායි.
The post උපාධිධාරී ව්යවසායක උදානය රුහුණු සරසවියේදී ඉතා සාර්ථකව පැවැත්වෙයි appeared first on ITN News.