තේ වගාවේ ප්රවර්ධනය උදෙසා නව වැඩසටහන් රැසක්
තේ වගාවේ ප්රවර්ධනය උදෙසා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව තේ පර්යේෂණ ආයතනය පවසනවා.
මේ යටතේ එම ආයතන සංවිධාන කළ තේ පර්යේෂණ ආයතන විවෘත දිනය තලවාකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණා.
වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා.
එවකට තේ වගාකරුවන් මුහුණපෑ ප්‍රධානතම අභියෝගය වූ රෝග / දිලීර සහ කෘමිහානි ආශ්‍රිත ගැටලු සදහා වියදම් සෙවීමේ අරමුණෙන් නුවරඑළියට නගරයට ආසන්න ලින්ච් ෆීල්ඩ් වතුයායේදී තේ පර්යේෂණ ආයතය ආරම්භ කෙරුණේ 1925 වසරේදීයී.
වසර 98 ක ඉතිහාසයක් සහිත මෙම ආයතනය ලොව තේ වගා කරන රටවල පිහිටුවූ තේ පර්යේෂණ ආයතන අතර දෙවැන්නයි.
තේ පර්යේෂණ ආයතනය තලවාකැලේ ස්ථාපනය කෙරුණේ 1929 වසරේදීයී.
මෙරට තේ ක්ෂේත්‍රයට අවශ්‍ය මඟ පෙන්වීම සහ පර්යේෂණ සිදු කරන එකම ආයතනය ද මෙයයි.
තේ පර්යේෂණ ආයතන විවෘත දිනයේ තේමාව වූයේ එම ආයතනය හදුන්වාදී ඇති නව්‍ය තේ තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය තුළින් තේ කර්මාන්තයේ ඵලදායිතාව ගුණාත්මකභාවය සහ තිරසාරභාවය නංවාලීමයි.
තේ වගාකරුවන් /නිෂ්පාදකයින් /සැකසුම්කරුවන් /අපනවනකරුවන් සහ තේ විද්‍යාව පිළිබඳ දැනුම ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු මෙහි ඉලක්කයයි.
තේ වගා අත්පොත තේවගා පිරිවැය පොත මෙන්ම / ටී ඇඩ්වයිසර් ජංගම දුරකතන යෙදවුම ද මෙහිදි එළිදැක්වුණා.
අමාත්‍යවරයා තේ පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා.
The post තේ වගාවේ ප්රවර්ධනය උදෙසා නව වැඩසටහන් රැසක් appeared first on ITN News.