How can Sri Lankan charities find international donors and partners?

දේශීය ණය ප්රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්රී ලංකා බැංකු සංගමය

- itnnews.lk

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළා.

එම සංගමයේ සාමාජික,ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල්ෆොන්සේකා මහතා සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය සිදු නොකළේ නම් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල්වල තිබූ මුදල් සේවකයින්ට අහිමිවීමේ අවධානමක් තිබූ බවයි.

ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික,ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රසල් ෆොන්සේකා මහතා,

“දේශීය ණය ප්‍රශස්තකරණය  කිරීමේ අවශ්‍යතාව අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි.

ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍ර අතර විශාල පරතරයක් තිබෙනවා.

නිදහසෙන් පසුව වසර කිහිපයක් හැරුණු කොට ආනයනයෙන් අපට වියදම් වන ඩොලර් ප්‍රමාණයත්, අපනයනයෙන් අපට ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අතරත් විශාල වෙනස්කමක් තිබුණා.

මෑත කාලය ගතතොත් වසරකට සිදු කරන ආනයනය සඳහා පමණක් ඩොලර් බිලියන විස්සක් අවශ්‍ය වෙනවා.

නමුත් අපනයනයෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 12 ක් පමණයි.

එම හිඟය පියවා ගැනීමසඳහා පැවැති ආණ්ඩු සිදු කළේ  ණය ලබා ගැනීමයි.

දිගින් දිගටම මෙවැනි ණය ගැනීමත්, එම වසරේ වෙළෙඳ ශේෂයට වඩා පෙර ගනු ලැබූ ණයවල පොලිය ගෙවීමට සිදුවීමත් නිසාත් විශාල අර්බුදයකට රට තල්ලු වුණා.

ඒ හා සමගාමීව සංවර්ධන කටයුතුවලටත් ණය ලබා ගැනීමට සිදු වුණා.

ශ්‍රීලංකාවට රටක් ලෙස දරාගත හැකි ප්‍රමාණයට වඩා ණය ගැනීමට සිදුව තිබුණා.

එහි ප්‍රතිඵලය 2022 අප්‍රේල් මාසය වන විට රටට දැනෙන්නපටන් ගත්තා.

ඒ වන විට මහ බැංකු අධිපතිතුමාට ප්‍රකාශ කිරීමට සිදු වුණා ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා.

අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපට සපයාගන්න බැරි වුණා. විදෙස් රටවල් අපට ණය දුන්නෙත් නැහැ.

අවසානයේ ණය අර්බුදය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑවා.

ඉන් පසුව රටේ ව්‍යාපාර හිමියන්ට, කර්මාන්තකරුවන්ට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා.

ඇතැමුන්ගේ රැකියා පවා අහිමි වුණා.

අවසානයේ මෙය සමාජ ගැටලුවක් බවට පත් වුණා.

ජනතාව පාරට බැස අරගල කිරීමට පටන් ගත්තේ ඉන් අනතුරුවයි.

අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් යම්කිසි සහනයක් ලබා ගැනීමට රජයට සිදු වුණා.

සැබෑ තත්ත්වය දෙස බැලීමේදී ණය ගෙවීමට අපට ආදායමක් නැහැ.

ණය ගෙවීම ආරම්භ කිරීමට පෙර අප යම් වැඩපිළිවෙළකට යා යුතුයි.

එම වැඩපිළිවෙළ සකස් කිරීම තමයි දේශීය ණය ප්‍රශස්තකරණයේදීසිදු වෙන්නේ.

දේශීය ණය ප්‍රශස්තකරණය  කිරීමේ දී අමරිකානු ඩොලර් බිලියන 84ක ණයක් ගෙවන්න තිබෙනවා.

මෙය දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණයවල සමස්ත එකතුවයි. ඩොලර් බිලියන අසූ හතරක් ගෙවන්න තරම් ආර්ථිකයක් ලංකාවට තිබුණෙ නැහැ.

එම ණය මුදලෙහි පොලිය සෑම වර්ෂයේම ඉහළ  නැංවෙමින් තිබුණා. ඒ අවස්ථාවේ තමයි ආර්ථික අර්බුදය ඇති වුණේ.

මෙම ඩොලර් බිලියන 84 ක ණය ගෙවීමට අප යම්කිසි වැඩපිළිවෙළකට යා යුතුව තිබුණා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවකට පැමිණ යුතු වෙනවා.

එසේ එකඟතාවකට  පැමිණි පසු  ණය කපා හැරීම සිදු කළ හැකියි. ණය කපා හැරීමේ දි තමයි දේශීය ණය ප්‍රශස්තකරණය  කරලියට පැමිණියේ.

මොකද කිසිඳු විදේශීය ණයකරුවෙක් කැමති වන්නේ නැහැ, දේශීයණය ප්‍රශස්තකරණය නොකර ඔවුන්ගේ ණය පමණක් ප්‍රශස්තකරණයකිරීමට.

මෙරට බැංකු තැන්පත්කරුවන්ට බලපෑමක් සිදු නොවන අයුරින් දේශීය ණය ප්‍රශස්තකරණයට රජය, මුදල් අමාත්‍යංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සහයෝගය ලබා දීම සතුටට කරුණක්.

දේශීය ණය ප්‍රශස්තකරණයේදී තැන්පත්කරුවන්ට කිසිදු අලාභයක් හෝ බලපෑමක් ඇති නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඒ වගේම බැංකු පොලියටත් මෙයින් බලපෑමක් සිදු වෙන්නේ නෑ.ස්ථාවර තැන්පතු සඳහා අදාළ පොලිය වලංගු කාලය දක්වා ගෙවීමට බැංකු බැඳී සිටිනවා.

එම ස්ථාවර තැන්පතු බලපෑමට ලක් වුණා නම්, අද වන විට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා.

එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තබා නැහැ.

විශ්‍රාම වැටුප් ගෙවීමට සහ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට  බැදුම්කර විශාල ප්‍රමාණයක් ලබා දී තිබුණා .

එම මුදල් රජය ලබා ගනිමින් සහන පොලියක් ලබා දී තිබෙනවා. මෙතැනදී භාණ්ඩාගාර බැඳුම්කර කපා හැරීමක් සිදු වෙන්නේ නෑ.

ඒ සඳහා වන අනෙකුත් විකල්ප විසඳුම් දෙකක් භාවිතා කරනවා.

එයින් එකක් වන්නේ පොලී අනුපාතය අඩු කිරීමයි.අනෙක ණය ගෙවීම කල්දැමීමයි.

ඒ නිසා බැඳුම්කර කප්පාදුවට නොගිහින් ඊළඟ විකල්ප දෙක භාවිතා කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ.

මේ නිසා ඊපීඑෆ්, ඊටීඑෆ් ඇතුළු අරමුදල්වල තිබුණු සේවකයින්ගේ මුදල් සුරක්ෂිත වෙනවා.

ඒ වගේම 2025 දක්වා මේ අරමුදල් සඳහා 12%ක පොලියක් ගෙවීමට රජය සහතික වී තිබෙනවා.

ඉන්පසුව ගිණුම් කල්පිරෙන දිනය දක්වා 9%ක සහතික පොලියක් ගෙවනවා.

ඇතැම් අයට තර්කයක් ගොඩනඟන්න පුළුවන් බලාපොරොත්තු වූ පොලී ආදායම ලැබෙන්නේ නැහැ කියලා.

නමුත් මේ වන විට පොලී අනුපාත විශාල ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා සේවක අරමුදල් සඳහා රජය  සහතික වී තිබෙන පොලී මට්ටමටම වෙළෙඳ පොලියත් පැමිණේවි කියලා.

උද්ධමනය අඩුවීමත් සමග සේවක අරමුදල්වලට රජය ලබාදෙන පොලි ආදායම ඉහළ ප්‍රමාණයක තිබෙනවා.

කෙසේ වෙතත් මේ පොලී ආදායම් ප්‍රශ්නය බලපාන්නේ දායක අරමුදල් සඳහා පමණයි.

අනෙකුත් අරමුදල් සඳහා අඩු වෙන මුදල අදාළ ආයතන මගින් පියවිය යුතුයි.

එම නිසා සේවකයාට කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ.

රට මුහුණ පා ඇති මෙම ආර්ථික අර්බුදය විසඳීමෙන් පසුව රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙනවා, උද්ධමනය අඩු වෙනවා.

මෙම වැඩපිළිවෙළෙන් ආර්ථික වාසි රැසක්  රටට ලැබෙනවා.

රටට අවශ්‍ය භාණ්ඩ, ඖෂධ අපට පහසුවෙන් ලබාගත හැකි වෙනවා.

ඉන්පසුව නව ව්‍යාපාර බිහි වෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා.

යම්කිසි කැපකිරීමක් කරඅප ඒ තත්ත්වය උදාකරගත යුතුයි.

එසේ නොවුණහොත් රට යළිත් ආර්ථික අර්බුදයකට පත්වීම වළක්වන්න බැහැ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සඳහා බැංකු සංගමය සහ දේශීය බැංකු සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව බැංකු පොලිය අඩු කිරිමට සැලසුම් කර තිබෙනවා.

එම පොලී අනුපාත අඩු කිරීම ඉදිරි මාස දෙක තුළදී අපට දකින්න ලැබේවි.

අඩු පොලිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, අපනයන කර්මාන්තයේ නියැළී සිටින්නන්ට මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ටත් තම ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බැංකු සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගයත්  බැංකුවල තිබෙන එකමුතුකමත් නිසා මෙම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට දායකවීමේ හැකියාවක් බැංකුකරුවන්ට තිබෙනවා.

ඒ සඳහා බැංකුකරුවන්ට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. ඉදිරියේදී අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ණය මුදල් අඩු පොලී අනුපාතයක් යටතේ ලබා දිය හැකියි.”

 

 

 

 

 

 

The post දේශීය ණය ප්රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්රී ලංකා බැංකු සංගමය appeared first on ITN News.

You may also like

- colombogazette.com

After a meticulous selection process involving top industry professionals, Chokolaate has selected the Top Ten finalists who will compete for the coveted “Fashion Designer of the Year” title at MDFD 2024. The grand finale is due to take place on the 18th of May and will feature real Mother-Daughter duos modelling creations by the finalists […]

- colombogazette.com

Scotland suffered a heavy 10-wicket defeat against Sri Lanka in the second game of their T20 World Cup qualifier in Abu Dhabi. Sri Lanka, having won the toss and chosen to field first, got off to a perfect start when Darcey Carter was dismissed for a three-ball duck. Captain Kathryn Bryce struck a stylish 22, […]

- colombogazette.com

A man was arrested after attempting to enter the cargo hold of a Sri Lanka bound flight at the Sydney Airport, the Australian media reported. The 30-year-old man was arrested after he allegedly breached security at the Sydney Airport, running onto the tarmac, Nine News reported. According to Nine News, the Police responded to a […]

- colombogazette.com

Japanese Foreign Minister Yoko Kamikawa is to visit Sri Lanka this week, the Japanese Foreign Ministry announced. According to the Kathmandu Post, Kamikawa will arrive in Kathmandu on May 4 via Sri Lanka on a two-day Nepal visit. Japan has established a deep relationship of trust with both Sri Lanka and Nepal based on long […]

- colombogazette.com

President Ranil Wickremesinghe says the challenge Sri Lanka is facing today is not about the Executive Presidency. He says the biggest challenge facing the country today is building a robust economic framework The President said the Government’s aim is to create a highly competitive, export-oriented economy based on market economy. The President underscored the importance […]

- colombogazette.com

India’s Central Government has given the go ahead to export over 99,000 Metric tonnes of onions to six countries including Sri Lanka. The Government has also allowed export of two thousand metric tonnes of white onion cultivated specially for export markets in West Asia and some European countries. In December last year, the export of […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc