ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ 67 වන සමුළුව ශ්රී ලංකාවේ දී
ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ (TAAI) 67 වන සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH) ආරම්භ කෙරුණා.
මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා.
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන කාර්‍යංශයේ ආරාධනයෙන් (SLTPB) ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) සහයෝගයෙන් මෙම සමුළුව දින තුනක් පුරා කොළඹ දී හා මීගමුවේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ නියෝජිතයින් පන්සියයක පිරිසක්, ඉන්දීය මාධ්‍යවේදීන් පනහක් ඇතුළු හයසීයකට ආසන්න පිරිසක් සහභාගී වන මෙම සමුළුවේ දී ව්‍යාපාරික මුණගැසීම්, සාකච්ඡා හා සුහද පිළිදර ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව උදා වේ.
The post ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ 67 වන සමුළුව ශ්රී ලංකාවේ දී appeared first on ITN News.