ක්රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්රනාන්දු පත් කෙරේ
අතිගරු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය 2023 ජූලි 10 වන දිනදී, ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ නිර්දේශය මත, ක‍්‍රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ක‍්‍රීඩා විද්‍යාව පිළිබඳ දර්ශන ආචාර්ය උපාධියක් (PhD) ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ආචාර්ය ප‍්‍රනාන්දු ය. ඔහු ශ්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තනතුර සඳහා ඉදිරිපත් කරන ලද සියළු නිර්ණායක සපුරා ඇති අතර, අග‍්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘දක්‍ෂතා ලැයිස්තුවේ’ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඞ් ප‍්‍රනාන්දු මහතා සහ ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලදි,
ආචාර්ය ප‍්‍රනාන්දු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක‍්‍රීඩා පරිපාලනය පළිබඳ, විද්‍යාපති උපාධිය (MSc) ඔලිම්පික් සහයෝගිතා ශිෂ්‍යත්වයක් තුළින් සම්පූර්ණ කර ඇත. ඊට අමතරව, ඔහුගේ අධ්‍යපන ජයග‍්‍රහන වලට කළමණාකරණ ක්ෂේත‍්‍ර වල දර්ශනපති (MPhil) උපාධියක් සහ විද්‍යාපති උපාධියක්ද (MSc), ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික යුධ විද්‍යාලයෙන් ජාත්‍යන්තර මාණ්ඩලික පාඨමාලා සුදුසුකම ඇතුළු පශ්චාත් උපාධි සුදුසුකම් ගණනාවක් ද වේ.
The post ක්රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්රනාන්දු පත් කෙරේ appeared first on ITN News.