කැලණි පාලමේ ඇණ ගැලවූ කතාවේ ඇත්ත එළියට
නව කැලණිපාලමේ ඇණගලවා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවත් එසේ ඇණගලවා තිබෙන්නේ ආරක්ෂක වැටේ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් නව කැලණිපාලමේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ඇනගලවා ඇති බවට වාර්තා පල වුණා.
මේ පිලිබද මාර්ග සංවර්ධන අධිකාරියේ දැඩි අවධානය යොමු වුණා.
කෙසේ වුවද මෙසේ ඇණගලවා ඇත්තේ පාලමේ ආරක්ෂක වැටේ මෙන්ම අලෝක පද්ධතියට සම්බන්ධ ස්ථානවල මෙන්ම ජලපද්ධතිය සම්බන්ධ ස්ථානවල බව හෙළි වී තිබෙනවා.
මේ හේතුවෙන් රුපියල් මිලියන 275 ක පාඩුවක් සිදු වුණා.
The post කැලණි පාලමේ ඇණ ගැලවූ කතාවේ ඇත්ත එළියට appeared first on ITN News.