වත්මන් රජයේ වැඩපිළිවෙල ස්විස්ටර්ලන්තය අගයයි
වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංවිධාන වැඩපිලිවෙල ස්විස්ටර්ලන්තය අගය කරනවා.
මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ලෙස සේවය කළ ඩොමිනික් ෆර්ග්ලර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීයී මේ බව ප්‍රකාශ කළේ.
ඒ මහතාගේ සේවා කාලය අවසන් කර යලි මව්බිමට යාමට පෙර මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වුණා.
මෙරට ආර්ථිකය ඉහළ නැංවීම සදහා සංචාරක කර්මාන්තය බොහෝ සෙයින් උපයෝගි කරගත හැකි බවද තානාපතිවරයා පෙන්වා දෙනවා.
දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති මෙන්ම වෙළද හා ආයෝජන සබදතා පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහභාගී වුණා.
The post වත්මන් රජයේ වැඩපිළිවෙල ස්විස්ටර්ලන්තය අගයයි appeared first on ITN News.