මෙරට ආයුර්වේද වෛද්ය යුවළකට ජපානයෙන් ගරු සම්මාන
මෙරට ආයුර්වේද වෛද්ය යුවළකට ජපානයෙන් ගරු සම්මාන හිමි වුණා.
ආයුර්වේද වෛද්‍ය එච් එම් විතානච්චි මහතා හා ඔහුගේ බිරිඳ වන මාලි විතානච්චි මහත්මිය රුපියල් කෝටි 16 ක් වැය කරමින් මහියංගණය දඹාන ප්‍රදේශයේ ආයුර්වේද කෞතුකාගාරයක් පවත්වාගෙන යනවා.
කෞතුකාගාරය නැරඹීම සදහා දෙස් විදෙස් බොහෝ පිරිසක් පැමිණෙනවා.
එසේ පැමිණි ජපාන සංචාරක කණ්ඩායමක සිටි අයෙකු ඔවුන් ජපානයට ගෙන්වාගෙන ගරු සම්මාන පිරිනැමුවා.
ආයුර්වේද කෞතුකාගාර පරිශ්‍රයේ ඖෂධ, පංචකර්ම සහ තවත් බොහෝ දෑ ක්‍රියාත්මක වනවා.
The post මෙරට ආයුර්වේද වෛද්ය යුවළකට ජපානයෙන් ගරු සම්මාන appeared first on ITN News.