කොරියාවේ රැකියා සඳහා යන අයට අවශ්ය දැනුම ලබා දෙන පුහුණු පාසලක්
රටේ සියලුම වෙළෙඳ ආයතන තමන් අලෙවි කරන භාණ්ඩවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
කොරියාවේ විදේශ රැකියා සඳහා යන අයට අවශ්ය දැනුම ලබා දෙන පුහුණු පාසලක් මාකොළ ප්‍රදේශයේ ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ආර්ථික අර්බුදයෙන් ජය ගැනිම සඳහා වැඩි වශයෙන් විදේශ විනිමය ඉපැයීම සිදුකළ යුතු වනවා.
ඒ අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් රැකිය සඳහා වැඩි වශයෙන් යොමු කිරිමේ වැඩපිලිවෙල දැන් ක්‍රියාත්මකයි.
රජයේ මෙම වැඩපිළිවෙලට සමගාමීව පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කළ බව එහි සභාපති අජිත් කුමාර මහතා කියා සිටිනවා.
කොරියා ජාතික මහාචාර්යවරයෙකු ඇතුළු ආචාර්ය මණ්ඩලයක් මෙම මධ්‍යස්ථානයේ සේවය කරනවා.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පාරිභෝගික අධිකාරිය නිසි අවධානයෙන් ක්‍රියාකළ යුතු බවයි.
The post කොරියාවේ රැකියා සඳහා යන අයට අවශ්ය දැනුම ලබා දෙන පුහුණු පාසලක් appeared first on ITN News.