මෙරට නාමය රනින් බැබලවූ පුංචි චෙස් ශූරයෝ
උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසැල් චෙස් ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසැල් සිසුන් කණ්ඩායම අද (23)අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා
මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර 07/13 සිට 07/21 දින දක්වා පවත්වා තිබුණා
මේ සඳහා සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02 ක් ද , මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද , රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදළිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබෙනවා.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ නිලධාරීන් , එම සිසුන්ගේ දෙමාපියන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරු භවතුන් සහ සිසුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ .
The post මෙරට නාමය රනින් බැබලවූ පුංචි චෙස් ශූරයෝ appeared first on ITN News.