'අන්ධ නිසා වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා'
''අන්ධ නිසා මට ඉස්සර වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා. ඉස්සර මම අතගානවා කියලා තාත්තා ළඟට හදන්න ගෙනාපු වාහනත් ආපහු අරගෙන ගිහින් තියෙනවා. දැන් ඒ අය වාහන හදාගන්න මගේ ළඟට එනවා.'' යනුවෙන් මලිදු තිලකරත්න BBC සිංහල සේවයට පැවසුවේය.