දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනයට අමාත්ය මණ්ඩල අනුමැතිය
2006 අංක 27 දරන දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යන තනතුරු බලයලත් නිලධාරීන් වශයෙන් පත් කිරීමට හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීම සිදුවනු ඇති.
ඒ අනුව දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (31) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
The post දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනයට අමාත්ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.