තවත් බහුකාර්ය සහයකයින් 41 දෙනෙකු සුව සේවයට
රෝගී සත්කාර සේවාවේ අත්‍යවශ්‍යම සම්පත වන මානව සම්පත ශක්තිමත් කරමින් තවත් බහුකාර්ය සහයකයින් 41 දෙනෙකු සෞඛ්‍ය කාර්ය සහයකයින් ( කනිෂ්ඨ ) ලෙස සුව සත්කාර සේවාවට එක් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (30) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මහනුවරදී සිදු කෙරුණා.
බහුකාර්ය සහායකයින් සුව සේවයට බදවා ගැනීමේ තෙවන අදියර යටතේ බදවා ගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ඇතුලු සේවා අවශ්‍යතාවය අනුව දිවයින පුරා රෝහල් වෙත අනුයුක්ත කර තිබෙනවා.
සෞඛ්‍ය කාර්ය සහයක ( කනිෂ්ඨ ) තනතුරු 958 සඳහා බහුකාර්ය සහයකයින් සම්මුඛ පරීක්ෂණයට යොමුකර ඒ අතුරින් 672 දෙනෙකු පළමු අදියර යටතේත්, 162 දෙනෙකු දෙවන අදියර යටතේත් බදවා ගැනීමට කටයුතු කෙරුණා.
මෙම අවස්ථාවට අමාත්‍ය්‍යතුමාගේ ජේෂ්ඨ උපදේශක අධ්‍යාපනපති කහගල සීලානන්ද ස්වාමීන් වහන්සේ හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති රංජර අක්මීමන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
The post තවත් බහුකාර්ය සහයකයින් 41 දෙනෙකු සුව සේවයට appeared first on ITN News.