ජාතික ක්රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් දෙදෙනෙක්
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් පත් තිබෙනවා.
එම පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පාලනය සම්බන්ධ උපදෙස් ලබා දීම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්ගේ ප්‍රමුඛතම වගකීමකි.
The post ජාතික ක්රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් දෙදෙනෙක් appeared first on ITN News.