යාපනයේ තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට සමුළුවක්
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේදී පැවැත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), උතුරුපළාත් තොරතුරු තාක්ෂණමණ්ඩලය (NCIT) සහ USAID සංවිධානයේ “Catalyze” Private Sector Development (PSD) Activity වැඩසටහන ඒකාබද්ධ ව මෙම සමුළුව සංවිධාන කර තිබුණා.
මෙහි දී උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීම ඉලක්කකර ගනිමින් වැඩසටහන් රැසක් සම්පාදනය කර තිබූ අතර එමකර්මාන්තකරුවන්ට මෙරට මෙන් මජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම සහ ඊට තිබෙන අභියෝග ජය ගැනීම පිළිබඳ ව ක්ෂේත්‍රයේ ප්‍රකට සහකීර්තිමත් තොරතුරු තාක්ෂණ සමාගම්, වෘත්තිකයින් හා විද්වතුන් විසින් දැනුවත් කිරිම් සිදු කළ බව සඳහන්.
ඩිජිටල් මාධ්‍ය කළමනාකරණය,UI/UX,නිෂ්පාදන ඉන්ජිනේරු විද්‍යාව,ප්‍රසම්පාදන ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ මිලකරණය සහ තොරතුරු තාක්ෂණයට අදාළ නව අණපනත්, නීතිරීති, ගිවිසුම් ආදී ක්ෂේත්‍ර ගැනද මෙහිදී දැනුවත් කිරීම් සිදු කර තිබෙනවා.
ජාත්‍යන්තර තලයේ මෙරට කටයුතු කරන තොරතුරු තාක්ෂණ සමාගම් සහ විදේශයන්හි තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම්, වෘත්තීය නිපුණතාවයන් හා දැනුම හුවමාරු කර ගැනීමටද මෙහි දී අවකාශ සලසා දී තිබෙනවා.
එම පළාතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, උපාධිධාරීන් ඇතුළු තරුණ ප්‍රජාව සඳහා තොරතුරු තාක්ෂණ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ද මෙහිදී පවත්වන ලද අතර ඔවුන් දැඩි උනන්දුවකින් ඒ සඳහා සහභාගි වී බවයි වාර්තා වන්නේ.
තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්තය සඳහා බැංකු ක්ෂේ ත්‍රයෙන් ලබා ගත හැකි ඵල ප්‍රයෝජන, මූල්‍ය සුරක්ෂිත බව ඇති කරගන්නා ආකාරය, ආදායම් පුළුල් කර ගන්නා ආකාරය ආදිය ගැන මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ බැංකු විසින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලදී.
යාපනයේදී පවත්වන ලද මෙම සමුළුවේසාර්ථකත්වය මත මීළඟපළාත් තොරතුරු තාක්ෂණ සමුළුවඑළැඹෙන අගෝස්තු 25සහ 26 යන දෙදින තුළගාල්ලේදී පැවැත්වීමට නියමිත අතර එ් පිළිබඳ වැඩිවිස්තර charithk@icta.lk ඊ මේල් ලිපිනය ඔස්සේ දැනගත හැකියි
The post යාපනයේ තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට සමුළුවක් appeared first on ITN News.