පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි – ගුවන් නියමුවා සහ ඉංජිනේරු නිළධාරියා ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලයේ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයේ ගුවන් පරික්ෂණ කටයුත්තක් (Air Test) සඳහා අද ( 07 ) උදෑසන 11 .25 පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගතවී 11 .27 ට පමණ ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයට කඩා වැටි ඇතිි බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.
එහි ගුවන් නියමුවා සහ ගුවන් පරික්ෂණ රාජකාරි සදහා එහි ගමන් කළ ඉංජිනේරු නිළධාරියා මියගොස් ඇති බවට වාර්තා වන බවද සඳහන්.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් මෙි වනවිටත් පත්කර ඇති විමර්ෂකයින් විමර්ෂණ කටයුතු ආරමිභ කර තිබෙනවා.
The post පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි – ගුවන් නියමුවා සහ ඉංජිනේරු නිළධාරියා ජීවිතක්ෂයට appeared first on ITN News.