කොකේන් මත්ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කොකේන් මත්ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 294ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් අයෙක් වයස අවුරුදු 28ක් වන පිලිපීන ජාතිකයෙකි.
අනෙක් සැකකරු ඉහත සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි වයස අවුරුදු 49වූ කිරුළපන පදිංචි පුද්ගලයෙකි.
විදේශ ජාතික සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
අනෙක් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post කොකේන් මත්ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.